info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

   APPLY ONLINE     

වර්ථමාන කාර්මික අධ්‍යාපනය

Home » වර්ථමාන කාර්මික අධ්‍යාපනය

මේ වන විට ලංකාව පුරා විසිරී ඇති කාර්මික විද්‍යාල 39 කි. මෙම ආයතන කළමනාකරණය කරනු ලබන්නේ නිපුණතා 
සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව විසිනි.
කාර්මික විද්‍යාල වල අධ්‍යයන  කාර්ය මණ්ඩලය 544  ක් පමණ වන අතර කාර්ය මණ්ඩලය  2000 ක් පමණ ඇත.
අදාළ විෂය ක්ෂේත්‍රයන්හි දැනුම හා කුසලතා යාවත්කාලීන කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩල
සාමාජිකයින් අඛණ්ඩව දේශීය හා විදේශීය පුහුණුවීම් වලට යොමු කරනු ලැබේ. එක්සත් රාජධානිය, ස්වීඩනය, නෙදර්ලන්තය,
ජපානය, කොරියාව, පිලිපීනය සහ ඉන්දියාව යනු ඒ රටවල් අතරින් සමහරකි.UNDP, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ILO සහ JAICA
ජයිකා, බොහෝ ශිෂ්‍යත්ව සඳහා අරමුදල් සපයයි. CPSC කාර්මික විද්‍යාල කාර්ය මණ්ඩලය සඳහා කෙටි කාලීන වැඩමුළු/සම්මන්ත්‍රණ සහ 
ලබා දී ඇත.ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන තාක්‍ෂණික අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ
තාක්‍ෂණ විද්‍යාල වල භෞතික පහසුකම් SWEDEC, SIDA හා ODA  වැනි විදේශිය ආයතන වල තාක්ෂණ සහය ලබාගෙන 
මෑතකදී යාවත්කාලීන කරන ලදී.21 වන සියවසේ තාක්‍ෂණික අභියෝගයන්ට මුහුණ දීම සඳහා කාර්මික අධ්‍යාපනයේ
ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා කාර්මික විද්‍යාල පද්ධතිය විසින් දැනට සෑම උත්සාහයක්ම ගනිමින් සිටී.