+(94) 112 34 8897 / 43 9078    info@dtet.gov.lk සිංහල | தமிழ் | English
SINCE 1893

වෘත්තීය මාර්ගෝපදේශන හා උපදේශනය

Home » වෘත්තීය මාර්ගෝපදේශන හා උපදේශනය

ඵලදායිතාව හා කාර්‍යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් වසර 100 ක් පැරණි තාක්‍ෂණික අධ්‍යාපනයේ අනාගතය සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා උපදේශන සේවාව ඉතා වැදගත් වේ. උසස් පෙළ සඳහා වාර්ෂිකව සිසුන් 170,000 ක් පෙනී සිටින අතර එයින් 12,500 කට පමණ සිසුන්ට අදාළ විශ්වවිද්‍යාලවලට ඇතුළත් විය හැකිය. ඉතිරි ශිෂ්‍යයින් 157,500 ක් සඳහා රැකියා වෙළෙඳපොළට ගැලපෙන පරිදි තාක්‍ෂණික හා වෘත්තීය පුහුණුව ලබා දිය යුතුය. විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවස්ථාවක් නොලැබීම නිසා මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන්ට උපකාර කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා උපදේශන සේවාවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වේ.