info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

වෙනත් සේවාවන්

මෙම දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරියෙකු යටතේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයක් ස්ථාපිත කොට ඇත. මෙම මධ්‍යස්ථාන මගින් පුහුණුවට/රැකියාවකට යොමු වීමට කැමති තරුණ තරුණියන්, පාසැල් සිසුන්, ගුරුවරුන්, පාසැල් අධ්‍යාපනය අවසන්කල සිසුන්, දෙමාපියන්, වැඩිහිටියන් හා අනෙකුත් රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන් සඳහා දැනුවත් කිරී‍මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සුදුසු පරිදි ඒ ඒ ප්‍රදේශ වල පැවැත්වෙන ප්‍රදර්ශන කටයුතු සඳහා සහභාගිත්වය ලබාදේ.

තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පූර්ණ කාලීන පාඨමාලා හදාරා අවසන් කල සිසුන් සඳහා රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලක් පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලයන්හි පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන මගින් මෙම තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පුහුණුව
    අවසන් කරනු ලැබූ සිසුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
  • ඉන්පසු වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ ඇති දත්ත පද්ධතිය තුල ඇති පුරප්පාඩු සමග සසඳා බලා ගැලපෙන රැකියා වලට යොමු කිරීම කරනු
    ලබයි.
  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලයන්හි දත්ත පද්ධතියේ පුරප්පාඩු නොමැති විටදී එම ශිෂ්‍ය ලේඛණ පුධාන කාර්යාලයේ කර්මාන්ත සම්බන්ධීකරණ හා
    වෘත්තීය මාර්ගෝපදේශන අංශය වෙත යොමු කර ගැලපෙන රැකියා වෙත යොමු කිරීම.
  • විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේ පුහුණු වැඩසටහන් සඳහා පාඨමාලා අවසන් කල සිසුන් යොමුකිරීම සහ එමගින් ලියාපදිංචි රැකියා ආයතන
    මාර්ගයෙන් විදේශ රැකියා වලට යොමු කිරීම.
  • පුහුණුව අවසන් කල සිසුන් පිළිබඳ තොරතුරු JobsNet වෙත යොමු කිරීම.

වෘත්තීය අධ්‍යාපනය නිමකල සහතික ලාභීන්, ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් හා දැනට ස්වයං රැකියා පවත්වාගෙන යනු ලබන තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මගින් පහත සඳහන් අයුරින් සිදුකරනු ලබයි.

  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාල තුල අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමක් කිරීම.
  • දැනුවත් කිරීමෙන් පසුව ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමට කැමති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දින 14 ක ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වීම.
  • පුහුණුව ලැබූ ව්‍යවසායකයන්ට අවශ්‍ය ණය මුදල ලබා ගැනීම සඳහා සහයෝගය ලබා දීම.

නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය මගින් ව්‍යවසායකත්ව සංවර්ධනයට අදාලව උපදෙස් අත්පොතක් නිකුත් කර ඇත. මේ සම්බන්ධව වැඩි විස්තර සඳහා ආසන්නතම තාක්ෂණ විද්‍යාලයේ/කාර්මික විද්‍යාලයේ වෘත්තීය මාර්ග උපදේශක ඒකකය ඇමතීමෙන් ලබාගත හැකිය.

වෘත්තීය පුහුණුව මගින් හෝ වෘත්තීයක නියැලීමෙන් දැනටමත් ලබා ඇති නිපුණතාවයන් ඇගයීමකට ලක් කොට (Recognition of Prior Learning – RPL) ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබා දීම මෙයින් අදහස් කෙරේ.

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති පහත සඳහන් කාර්මික විද්‍යාල මගින් හඳුනාගත් ක්ෂේත්‍ර සඳහා RPL යටතේ NVQ සහතික ලබා ගැනීම සඳහා ඉල්ලුම්පතක් ඉදිරිපත් කර රු.250.00 ක් ගෙවා ලියාපදිංචි විය යුතුය.

  • ඉන් පසු ඇගයීම් නිලධාරියා (Assessor) හා ඔබගේ එකඟතාවය මත පහසු දිනකදී නිපුණතා පිළිබඳ සාක්ෂි, ලිපි‍ෙගානු පරීක්ෂා කිරීම, ප්‍රායෝගිකව වැඩ කිරීම නිරීක්ෂණය කිරීම හා සාක්ෂි ප්‍රබල නොවන අවස්ථාවලදී ප්‍රායෝගික හා න්‍යායික පරීක්ෂණයක් පැවැත්වීම සිදු කරනු ඇත. ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ එයට යන වියදම අයදුම් කරුට දන්වනු ඇත. එම මුදල කාර්මික විද්‍යාලය වෙත ගෙවිය යුතුය.
    (මෙම පරීක්ෂණය සිදු කිරීමට ප්‍රථම අයදුම්කරුට අවශ්‍ය නමි අදාල විද්‍යාලය මගින් ප්‍රායෝගික පෙරහුරු අධ්‍යයනයක් ලබාගත හැකිය. ඒ සඳහා විද්‍යාලය මගින් නියම කරන ගාස්තුව අයදුම්කරුට ගෙවීමට සිදුවේ)
  • මෙම පෙර ඉගෙනුම් ඇගයුමෙන් පසු එහි ප්‍රතිඵල කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ විභාග අංශයටත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියටත් (NAITA) ඉදිරිපත් කරනු ලැබේ.
  • සහතික පත්‍ර නිකුත් කිරීම තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හා NAITA ආයතනයේ අධ්‍යක්ෂක(ඇගයීම්) අත්සනින් පිරිනමනු ඇත.
  • මෙම පරීක්ෂණය සඳහා පූර්ණ බලධාරියා NAITA ආයතනය බැවින් වැඩි විස්තර සඳහා NAITA ආයතනයේ NVQ අංශය අමතන්න.
  • කොළඹ ක්‍රමය යටතේ පිහිටුවන ලද කොළඹ ක්‍රම මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලය සමග සම්බන්ධීකරනය සහ ඒ තුලින් උපදේශක පුහුණුව සහ සම්මන්ත්‍රන පැවැත්වීම.
  • ජාත්‍යන්තර තලය පිලිගත් ආයතන සමග සම්බන්දතා ගොඩනැගීම
    උදා : TAFE Australia පාඨමාලා ක්‍රියාත්මක කිරීම, City&Guild පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
  • IVETA ලෝක කාර්මික අධ්‍යාපන සංවිධාන සමග පුහුණු වැඩසටහන් හා ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ පැවැත්වීම.
    ජාත්‍යන්තර මට්ටමේ කාර්මික අධ්‍යාපන පුහුණු සම්මන්ත්‍රණ දේශීය වශයෙන් පැවැත්වීමට කටයුතු කිරීම.
  • ජාත්‍යන්තර මට්ටමේ පිළිගත හැකි කාර්මික අධ්‍යාපන ජර්නලය පිළියෙල කිරීම ආරම්භ කිරීම.
  • මේ යටතේ වානිජ හා කර්මාන්ත මණ්ඩලය (Chamber of Commerce and Industry), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (Board of Investment), වෘත්තීයකයින්ගේ සංවිධානය (OPA) වැනි ආයතන සමග සෘජු සම්බන්ධතා ගොඩනැගීම තුලින් කාර්මික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීම.
  • කර්මාන්ත ක්ෂේත්‍රයට ගැලපෙන පරිදි කාර්මික අධ්‍යාපන පාඨමාලා ඇති කිරීම සහ කාර්මික අධ්‍යාපන ආයතන කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාම වන බව තහවුරු කර ගැනීම.
  • මෙම වැඩසටහන් 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබන්නේ මහින්ද චින්තන වැඩසටහනේ සඳහන් කාර්මික අධ්‍යාපන සංවර්ධනය සඳහා යෝජනා ආශ්‍රිතවය.